මේ කාලයේ ධර්මශාලාව ඉඩ මදි වූ හෙයින් වලලිය හන්දියේ නිකවැරටිය පාරට මායිම්ව ඉඩමක් කේ.එම්. රන්බන්ඩා මහතා පරිත්‍යාග කරන ලදුව දෙමාපියන්ගේ සහයෝගයෙන් පොල් අතු සෙවිලි කර කටුමැටි බිත්ති සහිත ශාලාවක් ඉදිකොට 1947-08-01 දින එම ගොඩනැගිල්ලට ගෙවදින ලදී. මෙහි මුල් ගුරුතුමා වූයේ ටී.බී. බස්නායක මහතාය.