ව/ම/ම/වලලිය මහා විද්‍යාලය

New Year Celebration

පාසල් නිවාඩුව

Slide
IMG_20230726_132508.jpeg
IMG_20241101_104845.jpeg
IMG_20231220_115007.jpeg
IMG_20230907_074838.jpeg
IMG_20240430_083418.jpeg
IMG_20240817_130813.jpeg
IMG_20230525_100329.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

C.S.S. චන්ද්‍රසේකර මයා

තාක්ෂණය දිනෙන් දින ලෝකය ආක්‍රමණය කරමින් සිටී කුමන හෝ හේතුවක් සපයා ඉන් බැහැර වීමට අපට නොහැක. මන්ද සමස්ත ශිෂ්ටාචාරයම එකී තාක්ෂණික සංස්කෘතිය විසින් හසුරුවන බැවිනි. ඌන සම්පත් මැද වුවද වලලිය මහා විද්‍යාලය නොබියව සියතාක්ෂණික මෙහෙවරට ප්‍රවිශ්ට වීම අමන්දානන්දයට හේතුවකි. අධයාපනයේ නව මාවත් සොයමින් සහ වර්තමාන පරපුරට මේ දිගුකර ඇත්තේ දෘශ්‍යමාන තාක්ෂණයේ ශක්තිමත් හස්තයයි.

ඉතා දුෂ්කර පරිසරයක ජීවත් වෙමින් නවීන තාක්ෂණික ලෝකයෙන් දුරස්ව දිවිගෙවන අපේ ආදරණීය දරුදැරියන්ට තාක්ෂණික ලොව තුළට පිවිස ලෝකය දකින්නට, එහි ප්‍රතිලාභ අත්පත් කර දෙන්නට තොරතුරු තාක්ෂණ ගුරුතුමිය ඇතුළු පිරිස ගන්නා මේ උත්සාහය ඉතා  ප්‍රශස්තය. විශ්ව දැනුම හා ඒ තුළින් අත්පත් කර ගතහැකි සාර ඵලයන් අපේ දරුවන් වෙත ළඟා කර දෙන්නට ඔබ සියළු දෙනාට ශක්තිය ධෛර්යය පතමි.

 

 

නියෝජ්‍ය විදුහල්පති,

වලලිය මහා විද්‍යාලය

 

C.S.S. චන්ද්‍රසේකර මයා
නියෝජ්‍ය විදුහල්පති
ව/ම/ම/වලලිය මහ විදුහල.